Friday, March 20, 2015

Monday, March 9, 2015

පරමාර්ථය

සියලු සත්වයින්ට ලොව පොදු ධර්මයන් වශයෙන් අවබෝධ කරවන්නට සමත් වූ දර්ශයක්, සියලු ජීවීන් අතරින් සුවිශේෂී ජිවියා වූ මිනිසාට ලෞකික ලෝකය මනසින් ජය ගන්නට , අවබෝධයෙන් ජයගන්නට මග පෙන්වන යාන්ත්‍රරණයක් වූ අති උතුම් බුදු දහම වසර දෙදහස් පන්සියයක් අධික කාලයක් මෙලොව නොනැසී පවතින්නේ එහි ඇති යතාර්ථවාදී ගුණය හේතුවෙනි.

ජිවිත යතාර්ථය තමන් විසින්ම අවබෝධ කර ගැනීමට මග පෙන්වන උතුම්  දර්ශනය ලොව සදාකාලික යතාර්ථය පසක් කරවයි. එදා සමාජයේ මෙන්ම අද සමාජය තුළ සිදුවන සැම සංද්දීයකටම අදාළ යථාර්ථ ස්වභාවය මිට වසර දෙදහසකට අධික අතීතයේදී  අපගේ අමාමෑණි බුදුන්වහන්සේ . උන්වහන්සේ විසින්ම අවබෝධ කරගත් දර්ශනය මගින් පසක් කොට දුන්හ.

මෙම පරක් තෙරක් නොපෙනෙනෙන මහා සයුර වැනි වූ සංසාර ගමනේ අප තබන සෑම පියවරක් පාසා ජනිත වන සියලු, ජිවන ගැටළු,කරදර ,අත්දැකීම්  පිළිබඳ යථාවබෝධය බුදු දහම තුල  අන්තර්ගතව ඇත.මෙම දර්ශනය හොදින් අධ්‍යනය කර අවබෝධ කරගැනීමට උත්සහ කරන මිනිසෙකුට මෙය මනාව වැටහෙනු ඇත.

වසර දෙදහසකටත් අධික කාලයක් තරණය කොට මේ යතාර්ථවාදී දර්ශනය සියලු ලෝකවාසීන්ගේ හිතසුව පිණිස තව ඉදිරියට රැක ගැනීමට වත්මන් සමාජයේ යුතුකමක් මෙන්ම වගකීමක් වේ. මේ ඒ සදහා තබන එක් පුංචි පියවරක් පමණි. මේ තුලින් ඔබට බෞද්ධ  දර්ශනය තුල අඩංගු අනෙකුත් ගාථා ,පිරිත්,භාවනා ක්‍රම පිළිවබදව අවශ්‍ය විස්තර ලබා ගත හැකිය.

බෞද්ධ දර්මය පිළිබද දන ගැනීමට කැමැත්තක් හා උනන්දුවක් දක්වන සම අයෙකුටම මෙම වෙබ් අඩවිය පුංචි හෝ උපකාරයක් වනු දැකීම අපගේ සතුටයි.
ඔබ සැමට තෙරුවන් සරණයි!