Sunday, May 3, 2015



මිනිසා ඇදහිලි හා විශ්වාස මත ජිවිතයේ බොහෝ කාලයක් වැය වේ.නිහඩ  හා සංවර මානසික සිතුවිලිහිත තුල ඉපදවිමට තම තමන් උත්සහා ගත යුතු වේ.ඇවතුම් පැවතුම් කෙසේ පැවතියද එය ජිවිත පැවැත්මටඍජුවම හෝ වක්‍රව බලපානු ඇත.
අතීතයේ තුළ මිනිසා බුදු  දහම තුළින්ජිවිතය පෝෂණ කරගත් නමුත් අද එය බොහේ වෙනස් වී ඇත.ධර්මය දැන ගැනිමට සාක්ෂරතාව නැමති වුවද පන්සල හා ඒ ආශ්‍රිත පරිසරය ඇසුරු කිරිම තුල මිනිසා  ආධ්‍යාත්මිකව පොහොසත් විය.බුද්ධිය හා ආකල්පය දියුණු යැයි කියන අද සාමාජය බොහෝ මිත්‍යාවිශ්වාස තුල ජිවිත බොහෝ පැති හරහා කාලය ශ්‍රමය හා මුදල් නිකරුනේ අපතේ හරිනු ඇත.
කෙසේ හෝ පිළිගත යුතු වන්නේ අපි අපි විසින්ම අපේ සංකල්ප හා පැවැත්ම පෝෂණය කර ගත යුතු බවයි.මිනිසා තුළ ඇති විය යුතු සැහැල්ලු මානසික නිදහස මිලට නොහැකි බව අවබෝධ කර ගැනිම මිනිසාට හැකිවිය යුතුය.
ජිවිතය පැහැදිලි පිළිසරණක් ඇත.එය බුදු දහම හා ඒ ආශ්‍රිත මුලාශ්‍ර වේ.
බුදු දේශනාව -මිනිසාට යතා ස්වභාවය අවබෝධකර දෙනු ඇත.
භාවනාව                        -    සැහැල්ලු හා සංගමය මිනිසාට උගන්වනු ඇත.
පිරිත් හා සුත්‍ර දේශනාව  -    සැබැම පිළිසරණක් මිනිසාට හමුවෙනු ඇත.
බුදු දහම ආශ්‍රිත ග්‍රන්ථ      -   බුදු දහම නිවැරදිව මිනිසාට අවශෝෂණය වනුඇත.
බුදු දහම පිළිබද සංකල්ප සංකල්ප සමාජගතකිරිම සදහා තාක්ෂණය ඔස්සේ  විකල්පයක් ගෙන එමට තිරණයකළෙමි.
www.savebuddhismsl.blogspot.comවේබි අඩවිය මගින් ඔබට වඩාත් පහසුවන පරිදි බුදු දහම ගොනු කර ඇත. මෙමහින් කාර්යබහුල සමාජ ක්‍රමයතුල පොත් පත් භාවිතා කිරිමේදි සිදුවන අපහසුතා මග හැර ගැනිමට හැකිවේ.මුලික දහම්  කරුණු ඇතුළත් පොත්පත් මෙන්ම ඉතා වටිනා දහම්  කරුනු මෙහිදි ඔබට හමු වෙනු ඇත.
දහම  තුල ඔබ මොහොතකට හෝ නවතා තබා ගැනිම මගේ මේ පරිශ්‍රමයේ  අරමුණයි.

No comments:

Post a Comment